Sunday, December 31, 2017

වසර දොලොස්දහසකටත් එහා
වැළලී ගිය අතීතයේ
අපේ හෙළ උරුමය
අසාවෙන් කියවන
හෙළ වංශිකයන් සැමටම
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .....
නව වසර අබිමුවේ
සොයා යමු මන්දොදරිය ....

Monday, December 25, 2017

මන්දෝදරිය සොයා....
-----------------
පිදුම
***

මහාවංශයේ
පිටු අතර සිර නොවුණු
ඈත අතීතයේ....
සිටි නූඔ වෙනුවෙන්ම
පත් ඉරු පුරා පද ගළපමින්
කරන්නට සිතනෙමි
යුග මෙහෙවරක්...
ඉතිහාසයේ මහ පඬිවරුන්
මරාගත් නූඹේ චරිතය...
යළිදු ජීවමාන කරලන්නට...
සොහොයුරු පෙමින්...
සුර්පණකාට කළ හදියට
පළි ගන්නට ...
සීතාව මෙහි රැගෙන බව
බලෙන් අපට වසන් කොට
සීතාව හිස් මුදුනින් 
නමස්කාර කරනට දිරිදුන්
අපේඉතිහාසය...
යලිදු වරක් ලියන්නට හැකිනම්...
"මන්දෝදරිය සොයා"
පුදනෙම් නුඹ නමට
රාවණ.... නිරිඳුනි සදහටම...