Monday, April 29, 2019




මන්දෝදරිය සොයා
********* *****
පස්වන සෙවුම
----- ------
එංගලන්තයට පසු වන්නේ සිසිරයේ ආරම්භයයි. සති තුනක් තිස්සේ වැටෙන්නට ගත් හිම වලින් අවට පරිසරය සුදුම සුදු පැහැයට හැරි පැවතුනි. නිවෙස් තුළ පවා සිටීමට නොහැකි තරම් අධික ශීතලක් හැමෝටම දැනෙන නිසාවෙන් විජේනායක නිවෙසේත් දවසේ වැඩි කාලයක් උණුසුම් කිරිමේ යන්ත් ක්රියාත්මක විණි.
සහන්යා විශ්ව විද්යාලයේ සිට නිවෙසට පැමිණෙන මවත් පියාත් කුඩා ආලින්දයට වී සාකච්ඡාවක යෙදී සිටිනු ඇයට දක්නට ලැබිණි. අෑ දෑත් බැදගෙනම ගොස් පියාගේ උකුලෙහි වාඩි වූවා
නාකි හුරතල්.... “
නයෝමි පැවසුවේ සිනාසෙමිනි.
දැක්ක තාත්තා.. මමට ඊර්ෂ්යයි... මම ඔයා ළඟට ආවම... “
පැවසු සහන්යා මව දෙසට නැමි ඇගේ නළලත හාදුවක් සටහන් කළා .
මන් නම් ඔ්වට රැවටෙන්නේ නෑ... “
පවසමින් නයෝමි හුන් නැගිට්ටා .
කොහෙද අම්මා... ඔයා යන්නේ...? මන් ඔයාලට ඩිස්ටර්බ් කළා ? “
ඩිස්ටර්බ්..??? ..... අපෝ නෑ. කෝපි බොමු නේද? “
නයෝමි හිනහෙමින් පැවසීය. සැබවින්ම සහන්යා පැමිණෙන විට සම්පත් සහ නයෝමි සාකච්චා කළේ උදෑසන අභයරත්න මහතා පැවසි දෑය. සහන්යාගේ පැමිණිම නිසා තම කතාබහ අතරමඟ නවතා දැමීමට ඔවුන්ට සිදු විය.
හරි අම්මා... මම චේන්ජ් කර ගෙන එන්නම්.. ඔයාගේ රසම රස කෝපි එක බොන්න
සහන්යා පියගැට පෙළ නගිමින් පැවසුවා .
තාත්තා.... මට ඔයාලට කියන්න විශේෂ දෙයක් තියනවා... ඉට්ස් සර්ප්රයිස්.... “
දියණිය පවසන්නට අර අදින්නේ කුමක්දැයි සම්පත් මෙන්ම නයෝමී දෙපසට වී කල්පනා කරන්නට වූහ.
චූටි දෝණි එයා දකින හීනේ ගැන කියාවි... “
සම්පත් සිතුවේ .
සම්පත් කෝපි ලැහැස්තියි.... එන්න
බිරිඳ මුළුතැන්ගෙයි හිඳ ගෙනම සිය සැමියා ඇමතුවා .
චූටි පුතේ.... ඔයත් එන්න... “
නයෝමි පැවසුවේ සැමියා අසළ වූ පුටුවකට බර වෙමිනි.
එනවා අම්මේ... “
කෝ අක්කා... තවම ආවේ නැද්ද? “
විමසමින් සහන්යා පියාගේ අනෙක් පසින් වූ අසුනට බර වූවා .
“ ...................................... “
තාත්තා.... කෝ අක්කා.... “
නැවත වරක් විමසීය. එහෙත් කිසිවෙකුත් පිළිතුරු නොදුන් නිසාවෙන් සහන්යා මවත්, පියාත් දෙස මාරුවෙන් මාරුවට නෙත් හෙළුවේ විමතියෙනි.
මොකද අම්මේ... කතා නොකරන්නේ මොක ? “
සහන්යාගේ ස්වරය හැඬීමකට ආසන්නය. බව හැඟුනෙන්, නයෝමි තිදෙනා අතර පැවති නිහඬතාවය බිඳ දැම්මේ සිනා සෙමිනි.
මොක චූටි පුතේ අඬන්නේ? “
ඔයාලා හරිම නරකයි.... තව වෙලා ගියා නම් මන් අඬනවා.... “
ඕක අඬන්න තරම් දෙයක් දෝණි.... අපි විහිළුවක් කළේ.... මගේ පුතේ... “
සම්පත් දයාර්ද් ලෙසින් පැවසුවේ, සිය දියණිය තමන් වෙකට තුරුළු කොට ගනිමිනි. තමන් මැණිකක් රකිනා නාග යුවලක් මෙන් බිරිඳත් සමඟින් එක් වී දියණියන් දෙදෙනාට රැකවරණය සළසනවා නොවේදැයි ඔහුට එවෙලේ සිතුනි.
තාත්තා
කියන්න චූටි දෝණි... “
අක්කා එන්න තව රෑ වෙයි ? “
දන්නේ නෑ.. අම්මට කියමු කෝල් කරන්න කියලා.... “
.නයෝමි දුරකථනය දෙසට පිය මනිද්දි, ඉදිරිපද දොඑ විවිර වී දෙටු දියණිය නිවෙසට එනු දුටු නිසාවෙන් ආපසු හැරි විත් විහන්යා වෙනුවෙන් කෝපි පිළියෙල කළා .
ඔන්න මමත් ආවා.... “
විහන්යා නැඟනියට පසෙකින් අසුන් ගත්තා .
සුදු දෝණි... අද රෑ උනා නේද? “
ඔව් තාත්තා... ප්රසන්ටේෂන් එකක් කරන්න තිබුණා... “
අපෝ ... ඇති යන්තමි ආවා.... බලා ගෙන ඉඳලා ඇසුත් රිදෙනවා... “
සොයුරියගේ ගතට වත්තම් වූ සහන්යා පැවසුවේ නෝක්කාඩු විලාසෙනි.
ඉතින් කියන්නකෝ... ඔයාගේ සර්ප්රයිස් එක මොකක් දකියලා... “
ඔවි ඔව්... දැන් වෙලාව හරි... “
සම්පත් පැවසුයෙන් නයෝමි පැමිණ කෑම මේසයේ අසුන් ගත්තා .
මෙන්න තාත්තා... මේක බලන්නකෝ... “
සහන්යා මෙතෙක් වේලා තම උකුළ මත සුරැකිව තබා ගත් අයි පෑඩය පියා අත තැබීය.
මේ මොකක්
බලන්නකෝ... තුන් දෙනාම.... රිසර්ච් ප්රොපෝසල් එකේ ප්රසන්ටේෂන් එක ඇති... “
පැවසු සහන්යා තිදෙනාටම එය නිදහසේ නැරඹීමට ඉඩ ලබා දෙමින් ආලින්දයට පිය නැඟුවා . කුඩා ටීපෝඅව මත තිබුණු නැෂනල් ජියොග්රැෆික් සඟරාව ගෙන එය කියවන්නට වූවා .
එහි වූ මධ්යම හා දකුණු ඇමරිකානු කලාපයේ ඉතිහාසය පිළිබඳ ලිපියක් ඇගේ ඇස ගැටුණි. බ්රසිල ජාතික මහාචාර්යවරයකු විසින් රචිත එම ලිපියේ, වත්මන් මෙක්සිකෝව, චිලි, පීරු, බොලිවියාව යන රටවල ඇතැම් ගෘහ නිරිමාණ වල ලංකාවේ සිගිරියේ ගාහ නිර්මාණ ලක්ෂණ සමඟින් සමාන වන බවත්, ඒවා නිර්මාණය කොට ඇත්තේ මායා නම් පුද්ගපයකු බවත්, වැඩිදුරටත් සඳහන් කර තිබුණි. ලිපියේ අදහස් සමඟ සහන්යා වඩාත් ගැඹුරු සිතුවිලි සමුදායකට සම වැදිණි.
සීගිරියට සමාන ගෘහ නිර්මාණයන් නිර්මාණය කළ මායා යනු කවරෙකු විය හැකිදැයි සිතන්නට වූවා . මහාවංශයට අනුව නම් සීගිරියේ නිරිමාතෘන් කාශ්යපයන් . එහෙත් සීගිරියේ කළ ගවේශනයන් වල ප්රතිඵල ඊට හාත්පසින් වෙනස් වූ බව තම අධ්යයනකටයුතු වලදී ගංගානාථයන් සාක්ෂ් සහිතව පැහැදිල කළ අයුරු ඇගේ මනසෙහි මැනවින් සටහන් වී ඇත. ඉන්කා සහ මායා ශිෂ්ටාචාරයන් සමඟ හෙළ ශීෂ්ටාචාරයේ බැඳියාවක් ඇතැයි උදෑසන ගංඟානාථයන් පැවසු අයුරු සහන්යාගේ මනසෙහි දෝංකාර දෙන්නට විය.
මායා... මයා අසුර.... මායාදානව..... “
සහන්යා මනසේ සිත්තම් වූ දෙය මුවින් කිප සැරයක් ප්රතිරාව කළා .
කන්ග්රැජුලේෂන් චූටි දෝණි..... “
සම්පත් පැමිණ සිය කණිටු දියණිය අසල හිඳගෙන ඇගේ නළලත සිප ගත්තේ .
මයි කන්ග්රෑට්ස්... නංගා
මගෙනුත් චුටි පුතේ.... “
සැවොම සතුටින් ප්රමුදිතව පැවසුහ.
ඇත්තටම මට සතුටුයි දෝණි.... ඔයා එක්ස්සලන්ට්
සම්පත් පැවසුවේ සැබවින්ම හද පුරා ඉතිරි ගලා හැලෙන ස්නේහයෙනි.
කවුද නංගා මායා කියන්නේ..? අපි එද්දි ඔයා එහෙම නමක් කිය කියා හිටියා.. “
හ්ම්ම් ඔවි.... “
නයෝමි අත්වැල් බැන්ඳා .
මා...යා... “
සහන්යා විස්මයෙන් ප්රතිරාව කළා .
හ්ම්ම්... ඔව්...මායා තමයි...නංගා....ශයා ආයෙත් හිනයක් දැක්ක ? “
කතිකා කර ගත් පරිදි විහන්යා අවශ් මාතෘකාව එතැනට ඈඳා ගත්තා .
හීන.... මොනා සුදු දෝණි ... හින... “
කිසිවක් නොදත් මෙන් සම්පත් මෙන්ම නයෝමී එකවර ඇසීය.
නෑ තාත්තා... නංගා හැමදාම රෑට හින දකිනවා... ඒකයි මම ඇහුව් ඒක ගනන් ගන්න තරම් දෙයක් නෙවෙයි
විහන්යා ගණනකට නොගෙන පැවසුවෙන්, සහන්යා සැනසුම් සුසුමක් හෙළුවා .
ඇත්තද චුටා දෝණි අක්කා කියන්නේ..? “
සම්පත් කණිටු දියණියගේ මුව තමා දෙසට හරවා ගනිමින් විමසුවේ .
ඔව්.. “
මට හීනේ තේරුම් ගන්න ඕනේ තාත්තා.... මට මගේ කටහඩ ඇහෙනවා... ඒත් රූපයක් පේන්නේ නෑ.... “
සහන්යා පැවසූ විට තිදෙනාම එක් සිනාසුනා . ඉන් සහන්යා කෝප විය.
වැඩැක් නැහැ ඔයාලට කියලා.... ඔයාලා මාව තේරුම් ගන්නේ නෑ
පැවසු සහන්යා එතැනින් ඉවත් යාමට සූදානම් විය.
පුතේ... මේ අහන්න... ඔයාගේ හිතේ හැස වෙලාවෙම තියෙන්නේ ලංකාවේ රාක්ෂ රාජධානිය ගැන නේ... ඒකයි ඔයාට එකම හිනේ පේන්නේ.... එහෙම නේද සුදු පුතේ... “
යන්නට ගිය සහන්යා තමා වෙතට ඇද ගත් නයෝමි පැවසුවේ ඇගේ හිස පිරිමදිමිනි.
ඒක ඇත්ත නංගා... මන් සෙහස් එක්ක මේ ගැල කතා කළා... එයා කිවේ ඔයාගේ හිතේ තියන දේවල් හින වලින් පේනවා කියලා.... “
ඔයා ඉක්මනය රිසරච් එක පටන් ගන්න චුටි දෝණි... ඒත ඉවර උනාම හීනෙත් පේන එකක් නැති වෙයි
සම්පත් තම හිතට පැමිණි අදහස සැවොම ඉදිරියේ වචන බවට පෙරළුවේ .
ඔව් චූටි දෝණි.... ඔයාගේ හිතේ දවසම තියෙන්නේ හිස්ට්රි ආකියොලොජි.. නේ... ඉතින් ඒවා රෑට ච්ත්ත රූප බවට පත්වෙනවා වෙන්න පුළුවන්... “
සම්පත් තවදුරටත් අවධාරණයෙන් පැවසිය.
මටත් එහෙම හිතෙනවා තාත්තා.... මම ඉක්මනින් රිසර්ච් එක පටන් ගන්නවා... “
ඒක හොඳයි.... අපි හැම වෙලාවෙම ඔයා එක්ක ඉන්නවා.... නේද සම්පත්? “
තෑන්ක් යූ අම්මා.... තෑන්ක් යූ තාත්තා.... “
සහන්යා දෑතම දිගු කොට මවත් පියාත් වැළඳ ගත්තේ අපමණ සතුටකිනි.
අක්කෝ.... ඔයත් එන්න... ස්පේෂලි තැන්ක්ස් ඔයාට... මොකද ඔයා මා එක්ක හැමදාය අවදියෙන් හිටියා.... “
තම දෙටු සොයුරිව කැඳවා ගනිමින සිව්දෙනාම තරයේ වැළඳ ගත්තේ එකිනෙකා කෙරේ උතුරා යන සෙනෙහසිනි. කිසිදින කිසිවෙකුත්තනි නොකරන බවට සිවිදෙනාම සිතෙන් සපථ කර ගත්හ.