Monday, April 29, 2019


මන්දෝදරි සොයා
********** ********
සිව්වන සෙවුම
---------------
සම්පත් නින්දෙන් පිබිදෙන විට සහන්යාත්, විහන්යාත් නිවෙසින් පිටව ගොස් තිබුණි. සම්පත් විජේබණ්ඩාර ඉංග්රීසි සහ සිංහල භාෂා පිළිබඳ විශාරදයෙකු වූ අතර ඔහු ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ පළමු පන්තියේ සමාර්ථයක් ලද විද්යාර්ථියෙකි. එංගලන්තයට පැමිණිමෙන් පසුව ඔහු පෞද්ගලික සමාගමකට සම්බන්ධ වී රැකියාව කළ අතර, ඊට අමතරව ශ්රී ලංකික පවුල් වල දරැවන්ට සිංහල භාෂාව ඉගැන්විමේ කාර්යයෙහිද නිරත විය. සිසිරයේදි පාසැල් වලට නිවාඩු සමය වුයෙන් සිංහල භාෂාව ඉගෙන ගැනීමට තම දරැවන්ට අමතර කාලයක් වෙන් කර දීමට සිංහල දෙමාපියන් කිසිවිටක මතක නොකරති. එම නිසාවෙන්ම සිසිරය සම්පත් කාර්ය බහුලවන කාල පරාසයකි. රැකියාවට යාම සඳහා සැරසුණු හෙතෙම පිය ගැට පෙළ බැස්සේ උදෑසන පාතරාසය ලනු සඳහා පාන් බටර් සමඟ බිත්තර මේසය මක සකසා තිබෙනු ඈත සිටදිම ඔහු බිරිඳව අමතමින්ම කැම කාමරයට පිවිසුනේ .
" කෝ.... දෝනිලා ... කැම්පස් ගියා ? "
" ඔව්... චූටි පුතා ගියේ අක්කටත් කලියෙන්.... විශේෂ වැඩක් තියනවා කීවා "
නයෝමි මුළුතැන්ගෙය අස්පස් කරමින් පිළිතුරු දුන්නා . ශාන්ත ලුකස් ළමා නිවාසයේ දරුවන්ට විද්යාව විෂය උගන්වන ගුරුවරියක් ලෙස සේවය කළ නිසා සතියේ සෑම දිනකම පුර්ව භාග දහය වන විට එම ස්ථානයේ හිඳීම අත්යාවශ් කරුණකි. එම නිසා ලහිලහියේ නිවසේ සියලු කාර්යයන් අවසන් කළා .
" මොකක් විශේෂය... ? "
" මට මොකුත් කීවේ නෑ. .... සර්ප්රයිස් එකක් කීවා.... "
නයෝසි පැවසුවේ සිනාසෙමිනි.
" සර්ප්රයිස් ??? "
" හ්ම්...."
" නයෝමි ....... මම අද මිස්ටර් අභයරත්න ස්නයිෆ් කරනවා... "
" මම මතක් කරන්න බලන් හිටියේ..... අනිවාර්යෙන්ම වැඩේ මුලින්ම කරන්න සම්පත්? "
" හරි හරි නයෝමි අපි දෙන්නගෙම දුව නේ? එහෙනම් මම .හින් එන්නම් "
ඔහු බිරිඳගේ නළලත හාදුවක් සටහන් කළේ .
" බුදු සරණයි "
" බුදු සරණයි. පරිස්සමෙන් යන්න... "
සම්පත් නිවසින් පිට වී , පදික වේදිකාව ඔස්සේබස් නැවතුමට පිය මැන්නේ . හාත්පස හැමතැනම හිම විසිරි තිබුණි. අවය පරිසරය පුරා පැවතුනේ මන්දාලෝකයකි.
සහන්යා දිණිය දකින ස්වප්නයත්, ඇගේ ජන්ම පත්රයත් අතර සබැඳියාවක් ඇතැයි ඔහුගේ සිත නිතරම ඔහුට කියයි. කුමන කාර්යයක් අතපසු වුවද, ප්රථමයෙන්ම අභයරත්න මහතා ඇමතිය යුතුයැයි ඔහු තිරණයකට පැමිණියේ . බස් රථය කාර්යාලය අසල නැවතුමට පැමිණි ඇති බව ඔහුට දැනුනේ අහම්බෙනි. හේ කඩිනමින් බසයෙන් බැස කාර්යාලය දෙසට පා ගමනින් ඇවිද ගියේ .
" ගුඩ් මෝර්නින්ග් සම්පත්... "
ඔහුගේ ප්රධානියා ඔහුට සුබ පැතූයෙන් ඊට ප්රතිරාව නංවමින් ගොස් තම අසුනේ හිඳ ගත්තේ . හෝරා යන්ත්රෙය් පූර්ව භාග නවයයි කාල සටහන් වී තිබුණි. ශ්රී ලංකාවේ වේලාව අපරභාග දෙක පසු වී ඇතැයි සිතින් ගණනය කළ සම්පත් ලැප්ටොප් පරිගණකයෙන් ස්කයිප් හරහා සම්බන්ධ විය. මද වේලාවකින් අභයරත්න මහතාගේ රුව තිරය මත දර්ශනය වූයෙන් ඔහුගේ සිත සතොටින් පිරි ගියේ .
" ගුඩ් මෝර්නින්ග් මිස්ටර් විජේනායක.... "
"
ගුඩ් මෝර්නින්ග් .... කාලෙකින් මට කරදරයක් කරන්න හිතුනා..... "
"
කමක් නෑ කරදරයක් කරන්න හරි ඔබතුමාට අපිව මතක නම්.... "
පැවසු අභයරත්න සිනාසුණි.
" ඉතින් කොහොද ලංකාව.... "
"
ඉස්තරම් මිස්ටර් විජේනායක....මිනිස්සු හරි සතුටින්... හැමෝගෙම ආර්ථිකයත් හොඳයි.... "
" එහෙනම් වඩාත් හොඳයි.... "
" දැන් ලංකාපුරේ කාලේ හරි මිස්ටර් විජේනායක....හැම විශ්ව ශක්තියක්ම ළඟදිම අපේ පුංචි රටට කේන්ද්රගත වෙනවා... "
" කීව්වේ..? මට පැහැදිලි නෑ "
"
ලෝකේ වටේ විසිරිලා ඉන්න කීප දෙනෙක් එකතු වෙලා ළඟදීම දවසක මේ පුංචි දිවයින ලෝකේ ඉහළින්ම ඔසවලා තියාවි.. "
" ම්ම්ම්... "
"
ඉතින් මිස්ටර් විජේනායක... මට තවම කිවේ නැනේ ඔබතමාගේ අවශ්යතාවය..... "
පැවසු අභයරත්න විසල් ග්රන්ථයක පිටු පෙරළමින් යමක් මනාව නිරික්ෂණය කරනු සම්පත් දුටුවේ .
"
මගේ චූටි දෝණි.... ායෙත් පොඩි කාලේ දැක්ක හීන දකින්න පටන්ගෙන....එහෙම වෙන්නේ හේතුව මට දැන ගන්න අවශ්යයි... "
සම්පත් සිය අපේක්ෂාවෙන් පිරුණු දෙනෙත් පරිගණක තිරය මත රැඳවූවා . මේසය මත වූ දුරකථනය කිප වරක් නාද වෙනු ඔහුට හ්රවණය වූවත් එය මායිම් නොකොට රිසිවරය පසෙකින් කැබිය.
" මට විනාඩි පහක් දෙන්න. දරුවගේ කේන්දරය පරික්ෂා කරන කන්... "
" හ්ම්.... "
ගත වෙන සැම මිනිත්තුවක්ම දම්පත් දැනුනේ කල්පයක් මෙනි. තරමටම ඔහුගේ සිත නොඉවසිල්ලෙන් පසු විය. අභයරත්ව තම කණිටු දියිය පිළිබඳ කුමක් පවසනු ඇත්දැයි ඔහු සිතත් සමඟ අරගල කළේ .
" මිස්ටර් විජේනායක..... "
"........................................... "
"
මිස්ටර් විජේනායක .... ලොකු කල්පනාවක වගෙයි"
අභයරත්න මහතාගේ හඦන් සම්පත් පියවි ලොවට පිවිසියේ නින්සෙන් අවදි වූවකු විලසිනි.
"
හරිද මිස්ටර් අභයරත්න ....... "
"
ඔව්.... ඔබතුමා ලොකු කල්පනා ලෝකයක නේද හිටියේ....මම කිප වරක් කතා කළා.. "
" ඉතින්... "
"මම දරුවගේ කේන්දරය පරික්ෂා කළා... ඇත්තටම මේ වෙන කොට හින විතරක් නෙවෙයි... ඊට වඩා බලගතු දේවලුත් සිද්ධ වෙන්න ඕන.... "
බැරෑරුම් ස්වරයකින් අභයරත්න මහතා වදන් පෙළ ගැස්විය.
"
මට තේරුනේ නැ කීව මොකුත්... "
"
මෙහෙමයි.... උප්පත්ති ග්රහබලයත් එක්ක මෙි වෙන කොට විශ්ව ග්රහචාරය ගැළපි ගෙන එනවා... යම්කිසි මොහොතක මේ දෙකම එකිනෙක සමාන වෙනවා... අන්න එදාට... ආත්ම ගණනාවක් සිතේ කැන්පත් උන දේවල් සොයා ගෙන එයා යනවා.... ඒක ස්ථිරයි... "
" කොහොම අපි ඒක වළකන්නේ මිස්ටර් අභයරත්න? "
සම්පත් තතිගෙන විමසුවේය. පරිසරයේ පැවති සිසිලස පරයමින් සිහින් දා බිඳු දෙකණෙන් රූරා වැටෙනු ඔහුට දැනුනි. ඔහුට මහ හඬින් සිනාසෙන අභයරත්නගේ රුව තිරයේ දිස්විය.
" ඇයි හිනා වෙන්නේ? මම වැරදි දෙයක් ඇහුවේ නෑනේ.. "
" ඇයි අපි ඒක වළකන්නේ? .... විශ්වයේ අවශ්යතාවය..... දෛවය... අනාගතය අපිට වෙනස් කරන්න බැහැ .. අනික ඔය දරුවා විතරක් නෙවෙයි.... තවත් ඔය වගේ සුවිශේෂි අය ඉන්නවා. "
අභයරත්න පැවසුවේ සන්සුන්වය.
" ඔබතුමා කියන්නේ..... මේ සිද්ධ වෙන දේවල් විධියටම සිද්ධ වෙන්න ඉඩ දෙන්න කියල ? "
" ඔව්... "
" අනේ මන්දා... නයෝමි ගොඩක් බය වෙලා.... "
"
අම්මා කෙනෙක්නේ මිස්ටර් විජේනායක.....ඔබතුමා මධ්යස්ථව මේ ප්රශ්නයෙදි කටයුතු කරන්න. දරුවට කිසිම ප්රශ්නයක් වෙන්නේ නෑ. යසසක් මිස... අනික ඔයාගේ දරුවා ගොඩක් බුද්ධිමත්... එහෙම නේද මිස්ටර් විජේනායක.... "
"
ඔව්... මම අද චුටි දෝණි එක්ක මේ ගැන කතා කරන්නම්... "
" අන්න හරි... නැත්නම් මේවා දරුවට මානසික වදයක් වේවි.... "
අභයරත්න මහතා පැවසුවේ තිර හඬනි.
" මම මගේ දරැවා එක්ක ඉන්නවා හැමදාම මිස්ටර් අභයරත්න.... අපේ පුංචි ලංකාවේ අතීතය වගේම අනාගතය වෙනුවෙන්... "
සම්පත් පැවසුවේ තිර හඬනි. වන විට ඔහුගේ සිත වෙලා ගෙන පැවති බිය ඔහු කෙරෙන් අතුරුදන් වි තිබුණි.
" එසේ නම් සුබ දවසක් ඔබතුමාට... ළඟදිම පි එකිනෙකා හමු වේවි.... "
සිනහවක් දෙතොලතර රදවා ගනිමින් අභයරත්න පැවසු කළ, සම්පත් විස්මයෙන් ඔහු දෙස බැලුවේ .
" මම දැන් කිව දේ ඔබතුමාට... ළඟදීම වැටහේවි.... එතෙක් සුබ අනාගතයක්.... "
පැවදු අභයරත්නගේ රැව පරිගණක තිරය මතින් මැකී ගියේ සම්පත් කිමිවක් කියන්නට ඉඩක් නොතබමිණි. ඔහු පැවසු දැ වටහා ගන්නට සම්පත්ගේ මනස වෙහෙසුන , එදින පැවති කාර්ය බහුලත්වය නිසාවෙන් එය මඟ හැරි ගියේ .




No comments:

Post a Comment