Monday, April 22, 2019



පළවන සෙවුම
----------------------




බිත්ති ඔරලෝසුවේ අළුයම පහේ කණිසම වැදෙනු සයනය මතටම වී නින්දෙන් පිබිදුනු විහන්යාට ඇසුණි.
" කවම පහයි..... කොහොම නැගිටින්න මේ සීතලේ.... "
මේ එංගලන්තයට සිසිර සමය වූයෙන් විහන්යා තව තවත් පෝරෝණාවට ගුලි වෙමින් සයනයේ අනෙක් පසට හැරුණි. දුටු දසුනින් ැගේ සිත මොහොතකට කලබල විය. පෙරදින රැයෙහි අධ්යන කටයුතු නිම කළ දෙසොහොයුරියෝ නින්දට සැරසුනේ එකම වේලාවකදීය. එය කුඩා කළ පටන් මේ සොයුරියන්ගේ පුරුද්දකි. ඔවුන් තුඩා කළ පටන්ම එකට කාලය ගත කළේ සොයුරු පෙමටත් වඩා එහා ගිය දැඩි මිතුරුකමකිනි. අධ්යන කටයුතු වලදී එකිනෙකා වෙන්ව සිටියත් ශේෂ වන සෑම නිමේශයකම දෙදෙනාම එනිනෙකාට බැලදී ගියේ පහන් දැල්ලකට ාසක්ත වන පළගැටියන් විලසිනි.
සිය නැඟනිය සයනය මත නොවූ හෙයින් විහන්යා සයනය මත හිද ගෙනම කාමරය හාත්පස සිසාරා දෙනෙත් යැව්වා . පොරෝණාවකින් තොරවම විවෘත ජනේලයෙන් ඈත හස් කුස දෙස බලා හිඳින නැඟනිය දුටු විහන්යා දෙසට පිය මැන්නේ සිතෙහි සියුම් කෝපයක් රදවා ගෙනය.
" මෙයාට මොනවා වෙලා ? සීතලේම ඇහැර ගෙන..."
විහන්යා සහ සහන්යා සම්පත් විජේනායක හා නයෝමි යන දෙපළ ගේ ආදරණිය දියණියන් වූ අතර, මීට දෙවසරකට පෙර පවුලේ සියලු දෙනාම එංගලන්තයේ නිව්කාසල් ප්රදේශයේ ස්තීර පදිංචියට පැමිනියේ පුරවැසිභාවය ලබා ගැනීමෙන් අනතුරුවය.
" නංගා.... වට් යු ඩුයින් හියර්? "
විහන්යා සොයුරිය අසළට ගොස් ඇගේ දෙනෙත් වල දැහැන් ගත වූවා . එහෙත් සහන්යා නොසැළෙන පිළිරුවක් ලෙසින් ඈත අහස්කුසට නෙත් යොමා උන්නා . ඇගේ සිරුර අයිස් බරුවක් තරමට සීතලට ගල් වී තිබුන එය දැනෙනා බවක් සහන්යා වෙතින් දිස් නොවීය.
" වට් ස් ප්රොබිලම් මයි චයිල්ඩ්?"
විහන්යා නැඟනියගේ මුව දෙසට තමන් දෙසට හරවා ගත්තේ සන්ත්රාසය මුසු ඇගේ දෙනෙත් කියවීමට හැකියාව ලැබුණි.
" මම හීනේ ආයෙත් දැක්කා අක්කෝ.... මොකක් ? මන් ඇයි හීනේ දකින්නේ...? මේක ප්රෙහ්ලිකාවක් අක්කා... "
" අපි ඔය ගැන අම්මටයි තාත්තටයි කියමු නංගා.... හැමදාම මහ රෑ ඇහැර ගෙන.... කොහොම ඔයා ස්ටඩීස් කරන්නේ? "
සොයුරිය වැළඳ ගත් විහන්යා ඇයව අස්වසාලන්නට විය.
නිව්කාසල්හි අහස තවමත් අදුරින් බරය. මේ සිසිර සමයේ ආරම්භය වූයෙන් දිවා කාලය පැය පහකට පමණක් සීමා විය. දෙදෙනාටම ඇඟ හිරි වට්ටන සීතලෙන් මිරිකි සිටින්නට වූයේ දෙවසරක් ගත වුවද මෙම දේශගුණයට අනුවර්තනය වීමට නොහැකිවාක් මෙනි.
වසර දෙදක් තිස්සේ එංගලන්තයේ ජිවත් වුවද විජේනායක දෙමහල්ලන් මෙන්ම යොවුන් දියනියන්ද තම වමු රටේ සංස්කෘතියට බෙහෙවින් ඇළුම් කරන්නන් වූහ. හැකි සෑම විටම සිය චර්යා රටා වලාන් ශ්රී ලංකික අනන්යතාවය නිරූපනයට තරම් ඔවුන් නිහතමානි විය.
විජේනායක දියණියන් පාසල් අධ්යාපනය හමාර කරමින් උසස් අධ්යාපනයද විශිෂ්ට ලෙස අවසන් කරන ලද අතර විහන්යා වෛද්යවරියක් ලෙසත්, සහන්යා ඉංජිනේරුවරියක ලෙසත් සිය වව්බිමෙහි සේවය කරන ලදී. උසස්පෙළ විභාගයට සූදානම් වන වධියේදි සහන්යාට ලාංකික ඉතිහාසය වැඩිදුරටත් ඉගෙන ගැනීමේ ආශාවක් ැති වූයෙන් රැකියාව ලැබුණු වහාම කැලණිය විශ්ව විද්යාලයට අනුයුක්ත වී පුරා විද්යාව හා ඉතිහාසය උපාධිය සමඟින් පශ්චාත් අධ්යාපන ඩිප්ලෝමාවක් හදාරන ලදී. ඉන්පසු පුරා විද්යාව හා ඉතිහාසය පිළිබඳව ආචාර්ය උපාධිය සඳහා සිය දෙමාපියන් සමඟ එංගලන්තයට පැමිණියා . වන විට ඇගේ දෙටු සොහොයුරිය වැඩිදුර අධ්යාපනය සඳහා එංගලන්තයට පැමිණ සිටියා .
සිය නැඟනියන්ගේ රාත්රි නින්දට බාධා කරන ස්වප්නය ඇගේ අධ්යන කටයුතු නිසා ඇගේ සිතෙහි ැති වන මනෝ විකාරයන් විය හැකියැයි විහන්යාට නිතරම සිතෙයි.
" නංගා..."
" මම්...."
" ඇත්තටම ඔයාගේ හීනේ මොකක් නංගා.... මොන වගේ තැනැක් ? "
" මන් දන්නේ නෑ අක්කෝ..... දකින මුහුණු අපහැදිලියි. ඡායාවන් වගෙයි... වුණායට දකින්නේ ගොඩක් අතීත සිද්ධියක්.."
" කීවේ නංගා...."
විමතියට පත් විහන්යාගේ නෙතු සඟල සහන්යාගේ නෙතු වෙත යා විය. එහි කොතැනකවත් බියක් සැඟවී නොමැති බව විහන්යාට මැනවින් පසක් විය.
" නංගි... "
විහන්යා දෙදෙනා අතර පැවති නිහඬතාවයට විරාමයක් තැබුවා .
" ම්ම්මම්.... "
" හීනේ දකින්නේ කවද ඉඳලද? "
" මතක ඇති කාලේ ඉඳලම මම හීනේ දැක්කා අක්කෝ.... ඒත් දකින දේවල් මතකයට එන්න ගත්තේ ලෙවල්ස් කරද්දි...."
සහන්යාගේ දෙනෙත් වල විස්මය ලිය වි තිබෙනු විහනයා දක්නා ලදී.
හෝරා යන්ත්රෙය් හත සටහන් වෙනු දෙදෙනාටම ඇසුණි. සිසිරය විසින් ගිල ගත් අහස්සෙහි තවමත් අඳුර රජ කරමින් තිබුණි.
" හරිම සිතලයි නේ නංගා.... ඔයාගේ කොපි එකක් බොන ගමන් කතා කරමු අපී "
විහන්යා සිය කුටියේ දොර විවිර කර ගෙන පිය ගැට පෙළ ඔස්සේ පහළට බැස්සා . සහන්යා ස්විටරය ඇඳ ගනිමින් පසුපස ගමන් තළා .
" අක්කා... මට හිතෙන්නේ ... මම දකින්නේ පෞරාණික රජ මාළිඳයක්.... විලක්කු පන්දම් වල සුවඳ මේ දැනුත් මට දැනෙනවා වගේ...."
" රජ මාළිඟයක්...?? ආයු ෂුවර් ? අයි කාන්ට් බිලිව් දිස්? "
" ඉට්ස් තෘෘ අක්කා...."
ඇය විහන්යාට කෝපි පිළි ගන්වමින් පැවසුවා . විහන්යා කවදත් නැඟනියගේ අතින් සාදන කෝප් හෝ තේ රස විදීමට කැමැත්තක් දැක්වූවා . මවගේ අත්ගුණය යහමින් සිය සොයුරියට ලැබි ැතැයි ඇය නිතරම සිතුවා .
" අම්මා ඇරුනම ඉතින් ඔයාගෙන් විතරයි මේ වගේ කෝපී එකක් ලැබෙන්නේ.... රියල් ශ්රී ලන්කන් බ්ලැක් කොෆි.... "
" ඔයා මාව මුරුංගා අත්තේ තියනවා... අම්මගේ තැන මට ගන්න බෑ අක්කා...."
සහන්යා පැවසුවේ නිහතමානීවය.
" ඒක නෙවෙයි නංගා.... ඔයා මේ විකාර හීන ගැන ඩොක්ටර් අර්ජුන් එක්ක කතා කළා ? "
" මහ් න්හැ"
සහන්යා නෑ යනුවෙන් හිස දෙපසට සැළුවා .
" ඇයිඒ නංගා.... ඔයාට මේ ගැන ඔයාගේ ලෙක්චර්ස්ලා එක්ක ඩිස්කස් කරන්න තිබුණා. අර්ජුන් නැතත් ගංඟානාථ එක්ක... නැතිනම් අම්මයි තාත්තායි එක්ක..."
" ඒක නම් ඇත්ත තමා අක්කෝ.... එ්ත් මට කලින් එහෙම හිතුනේ නෑනේ...."
" හරි හරි.. දැන් පි මෙහෙම කරමු. මම අද අම්මා එක්ක මේ ගැන කතා කරන්නම්. ඔයා අද නැත්තම් හෙට අර්ජුන් එක්ක හරි ගංඟානාථ එක්ක මේ ගැන කතා කරන්නම ඕන...."
විහන්යා තිර හඬින් පැවසුවේ තම නැඟනිය දෙසම බලා ගෙනය. එහෙත් සහන්යාට සොයුරියගේ වදන් ඇසුණු බවක් විද්යාමාන නොවීය. නැවතත් කෙමෙන් කෙමෙන් අඳුරින් මිදිමට සැරසෙන අහස් කොමළිය දෙස බලා හුන්නා .
පෙර දින ස්වප්නයෙන් තම දෙනෙත් අභයසට පැමිණි රජ ඇඳුමින් සැරසුණු පුද්ගලයා කවුරුන් විය හැකිදැයි ඇය තම සිතත් සමඟ තර්ක කළා .
" උතුමාණෙනි.... ඔබතුමා ඇය පිළිබඳ මෙතරම් ශෝක වන්නේ මන් ?"
ස්වප්නයේදි තම මුවින් පිට වූ වදන් ඇගේ දෙසවන තවමත් දෝංකාර දෙමින් පැවතිණි. මේ කුමන පෙර නිමිත්තක්දෝයි ඇගේ සිත විස්මයෙන් වෙලා ගැණින. කුඩා වියේ දැනුම් තේරුම් ගියදා පටන් විවිධ ස්වප්නයන් දුටුවද, එම ස්වප්නයන් වල තමා සැරිසරුවද, කවුරුන්දැයි පෙරදින රාත්රිය වන තුරුම ඇයට අපැහැදිලි විය. කුඩා වියේ පටන් දුටු එකම ස්වප්නය හදිසියේම තම දෑස් ඉදිරිපිට පැහැදිලි විමට කුමන හෝ විශ්ව බලයක් ඇතැයි සහන්යාට සිතුණි. කෙසේ වුවත් නොබෝ දිනකින්ම සිතෙහි උද්ගතව ඇති ගැටළුවට පිළියම් සොයා ගත යුතු බව දැනෙන්නට වූවා .
" යමු උඩට....., දැන් ටිකක් සීතල අඩු වෙලානේ.... යෝග භාවනා කරමු."
විහන්යා නැඟනියගේ සිතුවිලි සිහිනය බිඳ දමමින් ඇයව අසුනින් නැගිටිටවා ගත්තා .
" හ්ම්..."
" හ්ම් ... නොවෙයි යමු.... නැතිනම් ස්ටඩීස් වලට ලේට් වෙනවා නංගා..."
" හරි අක්කෝ.... යමු ඉතින්... "
සොයුරියත් ඇද ගෙනම සහන්යා සිය කුටියට දිව ගියා .යොවුන් විය ගත කළද, විටෙක මොවුන් කුඩා දරැවන් මෙන් විය.ඉන් ඔවුන්ගේ අව්යාජත්වය මැනවින් බාහිරයට ප්රදර්ශනය විය.
ගත කර ගත් දෙසොහොයුරියෝ බද්ධ පර්යංකයට පැමිණ බුදුන් නැමද, මොහොතකින් යෝග සමාධියට සම වැදිණි.ශ්රී ලංකිකයන් වන හෙළයින්ගේ ආගමික විශ්වාසය සූර්ය නමස්කාරයැයි දැඩිව විශ්වාස කිරීම නිසා, තෙරුවන් නැමදීම මෙන්මයෝග භාවනාව මඟින් සූර්ය නමස්කාරය සිදු කිරීම විජේනායක නිවසේ දෛනික කාර්යයක් විය. ඉඩ ලැබෙන සෑමවිටකම දෙමාපියන්ද මෙම අවස්ථාවට එක් වන්නේ හදෙහි වූ ලෙන්ගතුකම , දේශානුරාගය කැටි වුණු හදවත් වලිනි.

......................
cont...





No comments:

Post a Comment