Monday, April 22, 2019



මන්දෝදරිය සොයා....
********* ********
දෙවන සෙවුම
----------
බුදු කුටියක් ලෙස සකස් නොකළ , තරමක් විසල් බුදු පිළිමය අසල පහන දැල්වෙමින් තිබුණු අතර සමන්පිච්ච මල් සුවඳින් විජේනායක නිවෙස සුවඳවත් විය. එය නිවසක් ලෙස හැඳින්වුවද, කුඩා කාමර තුනක්, විසිත්ත කාමරයක් , මුළුතැන් ගෙයක් සහත නවීන පන්නයේ මහල් නිවාසයක් විය. නයෝමි ලංකාවෙන් රැගෙන ... සමන්පිච්ච වැලක් හා ගැටපිච්ච පඳුරක් බඳුන් දෙකක සකසා ආදරයෙන් රැක බලා ගත්තේ, බිළිදෙකු රකිනා ආදරණීය මවක විලසිනි. සැබවින්ම ඇය ආදරණීය මවක් වූවා . පුතුන් නොමැති තම පවුලේ පුතුන් වූයේද තම ආදරණීය දියණියන් බව දැන සිටියා . එම නිසාවෙන්ම තම දියණියන් අමතුවේ පුතා යන දයර්ද් නාමයෙනි.
මේ නිවෙස තුළ ආහාර පාන බොහෝ විට ශ්රී ලාංකික අනන්යතාවයකින් යුක්ත වූවා . සිය ස්වාමියාටත් දෙටු දිණියටත් වඩා කණිටු දිණිය සෑමවිටම ශ්රී ලාංකික උරුමයට, රසයට ආදරය කිරීම ඊට හේතු විය.
නයෝමි සුපිරි වෙළඳසැල් පීරා අනර්ඝ වස්තුවක් ලෙසින් මිළ දී ගත් වම්බොටු වලින් සිංහල ක්රමයට වම්බොටු මෝජුවක් සකස් කළා . කණිටු දියණිය කුඩා කල දී මාංශමය ආහාරයට රුචි වුවත් පසුකාලීනව සම්පූර්ණයෙන් නිර්මාංශි දිවියක් ගත කළා . එම නිසාම ඇයට ආහාර සැකසීම නයෝමිට ව්ටෙක අභියෝගයක්ම විය.
" අම්මා.... මාර සුවඳයිනේ.... වගේම රසත් ඇති..."
පිටතට ගොස් සිටි විහන්යා පැමිණ මවගේ උරයේ එල්ලී, උදුන මත තිබෙද්දිම මෝජු රස බැලීමට සූදානම් වූවා .
" ඕක කරන්න එපා......"
නයෝමි දෙටු දියණියගේ අතට ගසා තරවටු කළා .
" මොක අම්මා...? "
" නංගට වෙන් කරන්න ඕන.... ඔයා ඒතක දන්නවනේ? "
" අයියෝ අම්මා ..... අපි කෑම වෙන් කරන්නේ බුදු හාමුදුරුවන්ට... එහෙම නැත්නම් හාමුදුරුවරුන්ට නේ. ... එතකොට එයා ඊටත් වඩා උසස් ? ආහ් අම්මා.... මම කෑවම මොකද වෙන්නේ? "
විහන්යා නෝක්කාඩුවට පැවසුව , පොටක් පෑදි ගෙන එන බව ඇයට වැටහිණි. නැඟනිය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙය අවස්ථාවක් කර ගත යුතු බව සිතුවා .
" එයා ඉඳුල් කරලා කන්නේ නෑනේ.... සුදු පුතේ. .. ඔයා ඒක දන්නවනේ? "
" විකාර ..... අම්මේ, එයත් මන් වගේම නේ? ඇයි ඉඳුල් කළා ..... එයා දන්නේ කොහොමද ඉඳුල් කළා කියලා ...."
විහන්යා ප්රශ්න පත්තරයකි. සියලුම විසඳුම් මව මත පැවරුවා .
" අනේ මන්දා සුදු පුතේ.... කෑමක් ඉඳුල් කලොත් කවුරුහරි, එයා ඒවට අත තියන්නේවත් නෑ. .... හරියට දැනිලා වගේ.... "
" අයියෝ අම්මා ..... ඔයා සයන්ස් ටීචර් කෙනෙක් නේද? අන්බිලිවබල්..... "
විහන්යා සිනාසුනා .
" ලෝකේ හැමදේම විද්යාවත් එක්ක එකම තරාදියකට දාලා... බැලන්ස් කරන්න බෑ සුදු පුතේ ..... අපි නොදන්න ගොඩක් දේවල් මේ විශ්වයේ හැංඟිලා තියනවා .... "
" අම්මේ... මට දෙයක් අහන්න තියනවා "
" අහන්න "
" නංගී.... අමුතු හීන දකිනවා රෑට.... එයා ඊට පස්සේ දිගටම ඇහැරලා..."
විහන්යා පවසන විට, නයෝමිගේ දෙනෙත් විස්මයෙන් දැල්වෙන්නට වූවා
" තාමත්... හීන දකිනව ? " නයෝමිට ඉබේටම කියවිණි.
තමන් යම් ප්රමාණයකට හෝ දියණියන්ගෙන් දුරස් වී ඇතැයි එවෙලේ නයෝමිට සිතුණි.
" තාමත් කී.... වේ? කියන්නේ අම්මා දන්නවා ගැන? "
" දැන් දකින බවක් ඔයා මේ දැන් කියනකන් මන් දන්නේ නෑ පුතේ? චූටි පුතා හීන දකින්න පටන් ගනිද්දි, එයාට අවුරුදු එකහමාරක් විතර ඇති. මන් හිතුවා දැන් ඒක නැවතිලා කියලා...."
නයෝමි දිගු සුසුමක් හෙළා ළය සැහැල්ලු කර ගත්තා .
" මොනව එයා දැක්කේ... අම්මා..."
" හරියටම දන්නේ නෑ..... ඒත් තාත්තායි මමයි අනුමාන කළා... එයාගේ හැසිරීම බලලා..."
" ඉතින් අම්මේ...."
විහන්යාට තවදුරටත් මවගෙන් පිළිබඳ දැන ගන්නට අවශ් වූයෙන්, අසළ වූ කෑම මේසයේ හරිබරි ගැහි වාඩි වූවා .
" එයා සමහර දවසක නින්දෙන්ම ඇඳ උඩම වාඩි වෙනවා.... වෙලාවට ඇස් දෙක අමුතු විදියට දිළිසෙනවා.... ඊට පස්සේ අණ කරනවා එක එක නම් කියලා. ..."
" නෑ..."
" අහන්නකෝ සුදු පුතේ... දවසක් එයා නැගිට්ටා රෑ මැදදි.... ඊට පස්සේ... මා දිහා බැලුවා තරහින්.... " කිමද? නුඹට මා කියන කිසිවක් කරන්න බැරි...? " කියලා මගෙන් ඇහුවා..... "
තම මවගේ වදන් සවනත වැකෙද්දී, තම සිතට යම්කිසි ත්රාසය මුසු හැඟුමක් ඇතුළු වව බව විහන්යාට දැනුනි. සිය ගතෙහි හිරිගඩු පිපි සියුම් රෝම කෙළින් වී ඇති අයුරු ඇගේ නෙත ගැටුණි. අවට පරිසරයේ වූ අධික සිසිළස නිසාවෙන් එසේ වන්නට ඇතැයි විහන්යා එය නොසලකා හැරියා .
" අම්මා.... ඔයාලා ඊට පස්සේ මොකද කළේ? ඇහුවෙ නැතිද එහෙම කලේ මොකද කියලා..."
" කාගෙන් අහන්නේ මැණික..... උදේට එයාට මොකුත් මතක නෑ..."
" ඒත් අම්මා...මට වගේ මතකයක් එයා ගැන නැහැනේ ....."
" ඔයාට ? එදත් ඔයා අද වගේමයි... නිදා ගත්තොත් ඇහැරවනවා බොරු..... "
නයෝමි දෙටු දියණියගේ නැහැය සෙමින් මිරිකා හිනහුනා .
" අම්මා.... හරිම නරකයි .... තාමත් මට නෝක්කාඩු කියනවා ......"
විහන්යා බොරු තරහක් මවා ගෙන , එතැනින් නැගී සිටියේ එතැනින් වහා මිදි ගොස්මව පැවසු සියල්ල නැවත මෙනෙහි කිරීමටයි. නයෝමි වහා සිය දියණිය තම තුරුලට ගෙන ආදරයෙන් හිස සිප ගත්තා .
තව නොබෝ දිනකින් විවාහ දිවියට ඇතුළු වීමට අපේක්ෂා කළ , කුඩා කල පටන් මලක් මෙන් රැකවරණය සැලසූ දියණියම නොවේදැයි නයෝමි සිතුවා . ඇයටත් නොදැනී දෑසට නැඟුනු කඳුලැලි වත පුරා විසිරුනේ සතුට , දුකට යන්න ඇයටම නිනව්වක් නොවීය.
විහන්යා විවාහපේක්ෂිතව හිඳින්නේ ඇයට දෙවසරකට ජ්යෙෂ්ඨව තම වෛද් විද්යාලයේ උගත් සෙහස් අනුසර සමරසිංහ සමඟිනි.
ඔහු මේවන විට කොළඹ වෛද් විද්යාලයේ මානසික වෛද් විද්යාව පිළිබඳව කතිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කරන අතර, එළඹෙන වසර අවසානයේ දෙපාර්ශවයේම ආශිර්වාදය සමඟින් දෙදෙනාම විවාහ වීමට අපේක්ෂාවෙන් සිටිති. කෙතරම් දුර ඈත දෙරටක දිවි ගෙව්වද, විහන්යා සෙහස් සමඟින් අධ්යාත්මික ආදරයෙන් පවුරකින් බැඳි සිටිනා බව නයෝමි මෙන්ම සම්පත් දැන සිටිති. දියණියන් දෙදෙනා ගැන සිහිවෙන විට හද මත තෙරපෙන අහංකාරි හැඟුම දිනෙක තමන් වෙතින් වෙන්ව යා යුතු බව හැඟෙන විට ක්ෂණයකින් දිය වී යයි.
" දූලා හැදුවම කවදාහරි දෙන්න වෙනවා..."
එයා ආසියාතික සංස්කෘතියේ අනන්යතාවය බව වටහා ගත් නයෝමි උපේක්ෂා සහගතව තම සිතට දිරි ගත්තා . ඇගේ සිතට කාන්සියක් , පසුතැවිල්ලක් පරයා බියක් දැනුනි. අන් කිසිවෙකුත් නිසා නොව තම කණිටු දියණි සහන්යා නිසාවෙනි.
සහන්යා කුඩා කල පටන්ම තම පවුල අතික්රමණය කරමින් සිය අණසක සියලු දෙනා වෙත පැතිරුවා . ඇය කිසි දිනෙක කිසිවක් වෙනුවෙන් කිවෙකුගෙන් ආයාචනා නොකළ අතර, ඒවා අණ දීමකට සමාන විය.
මසක් වියැති බිළිඳු දියණියගේ වේලපත්කඩ සෑදිමට සැමියා සමඟින් මීට දශක දෙකකට පෙරාතුව අභයරත්න මහත හමු වීමට ගිය එදවසතවමත් නයෝමිට මතකය. කුඩා දියණියගේ උපන් වේලාව පරීක්ෂා කර දෛවඥයාගේ මුවෙහි විස්මය සටහන් වී තිබෙනු විජේනායක යුවලට දක්නට ලැබිණි.
" ඔයාලා දෙමව්පියෝ විදියට බොහොම වාසනාවන්තයි...."
අභයරත්න මහතාගේ තැන්පත් හඬයි.
" මොකද අභයරත්න මහත්තයා.. "
" මෙදා පාර නෝනා මහත්තයා උපත ලබා දීලා තියෙන්නේ එසේ මෙසේ කෙනෙකු නෙවෙයි. ......... රාජ වංශිකයෙකුට.. "
අභයරත්න මහතා හඬ මදක් බර කොට පැවසුවේ සිය උපැස් යුවල හිසේ රඳවමිණි.
" රාජ වංශිකයෙක්...... කවුද "
" වෙන කවුරුත් නෙවෙයි. ඔයාලගේ පුංචි දරුවා..... මොකක් එයාගේ නම...? "
" සහන්යා....."
" නම හරියටම උපන් වේලාවට, නැකතට ග්රහචාරයට ගැළපෙනවා! විශිෂ්ටයි. කවදා හරි ලෝකෙම නම තියාවි..... "
අභයරත්න මහතා පැවසුවේ හසමලක් මුවට කැන්ඳන අතරතුරයි....
" මිස්ටර් විජේනායක දන්නව මේ දෝණියන්දෑ ඉපදිලා තියෙන්නේ විශ්ව බලයක් කේපන්ද් කර ගෙව ...... "
යනුවෙන් ඔහු ජ්යෙතිෂ් පිළිබඳවත්, පුරාණ ලංකා ආදිමතයන් හා ඔවුන්ගේ සූර්යදේව වන්ධනාව පිළිබදත් බොහෝ දෑ පැවසු අයුරු නයෝමීට හොඳහැටි මතකය.
" නයෝමි......"
කිසිවෙකුගේ සීතල සපර්ෂයෙන් දැහැනින් මිදි හි එසවෘය. පුරා දශක තුනකට ආසන්න කාලයක් සෙවනැල්ල මෙන් තම දුක සැප බෙදාගත් ඔහු ඇය අසලටම වී හුන්නේ
" සම්පත් ඔයා දැන් ආවේ? "
" මන් ඇවිත් විනාඩි දහයක් විතර. ඔයා මොන ලෝකෙද ඉන්නේ ඔයා"
" විශේෂයක් නෑ... චූටි දුව ගැන මතත් උනා එයාගේ වේලපත්කඩ හැදු දවස.."
" හිටි හැටියෙම මතක් වෙන්න හේතු මොකක්ද ?
සම්පත් ඇසුවේ තම ප්රියාවියගේ දෙනෙතට එබෙමිනි. ඇය කසි විටෙකත් කලබල නොවන ඔ්නෑම දෙයක් දෙස උපේක්ෂාවෙන් බැලිය හැකි ගැහැනියක බව ඔහු හොද හැටි දනි. එසේ වූ ඇය මෙලෙස හිටිවනහ අතීතයේ මතක තුල සැරිසරන්නේ අහේතුකව නොවන බවසම්පත්ට වැටහිනි. එහෙත් නයෝමිගෙන් ඔහුට පිළිතුරක් නොලැබුණි.
" නයෝමි... ආයෙත් ප්රශ්නයක් චූටි දෝණි ? "
" හ්ම්. "
" මොකක්ද?"
" එයා ආයෙත් හීන දකිනවලු සම්පත් .... සුදු පුතා කියනකන් දන්නේ නෑ මන් "
" මොනවා"
දෙදෙනා අතර මොහොතක නිහැඩියාවක් පැවතුනි. තවමත් විවරව පැවති ජනේල් කවුළු අතරින් සිසිරයේ සීත සුළං රැළි දෙදෙනාගෙම ගතෙහි දැවටි වා කවුළුවෙන් පිටව ගියේ .
" අපි මොකද කරන්නේ සම්පත්...."
" මට තියන ප්රශ්නේ මේ හීන එයාව අතීතයට එක්ක යයි කියලා. චූටි දෝණි හිස්ට්රි වලට ආස එයාගේ අතීතය වෙන්න බැරිද"
" මටත් එහෙම හිතෙනවා ඒත් කොහොම විශ්වාස කරන්නද ඒ් ගැන.... "
" විශ්වාසය සහ අවිශ්වාසය අතර දෝලනය වෙන්න තරම් අපිට කාලයක් නෑ නයෝමි.... මොකද සමහර විට හීන චුටි දෝණිගේ ස්ටඩීස් වලට බලපාවි.... අපි දන්නේ නෑනේ හිනේ මොකක් ? කියලා..."
සම්පත්ගේ සිත කලබල වී ඇතැයි නයෝමිට සිතුනි. ඔහු දියණියන් දෙදෙනාට තම පණටත් වඩා සෙනෙහස දක්වන බව කිසිවෙකුටත් රහසක් නොවේ.
" සම්පත්.... ඕනෑවට වඩා ගැන හිතන්න එපා. චූටි දෝණි පි හිතනවට වඩා ශක්තිමත්.... එයා නොසැලෙන කෙනෙක් නෙවෙයි."
නයෝමි පැවසුවේ සිය සැමියා සනසවන අටියන් වුවත්, එය සැබැවක්ම විය.
විහන්යා මෙන් නොව සහන්යාට මනා දරා ගැනීමේ හැකියාවක් පවති. කුඩා වියේදී වුවද, රෝගී වූ අවස්තා වලදී විහන්යා මෙන් සංවේදි චරිතයක් නොවූවා .
" මම හෙට මිස්ටර් අභයරත්න එක්ක හෙට මේ ගැන කතා කරන්නම්.... මොනවා උනත් දෝණි සුවිශේෂි කෙනෙක් කියලා එයා කීවා නේ... මේ දේවල් එක්ක මොනවා හරි සම්බන්ධයක් ඇති..."
පැවසූ සම්පත් එතැනින් ඉවත් වූයේ රාත්රී ආහාර ගැනීමට පෙර උණූසුම් ජලයෙන් ගත දොවා ගැනීමටයි. පියගැට පෙළ නඟින සැමියා දෙස මඳ වේලාවක් බලා සිටි නයෝමි, රාත්රී ආහාරය කෑම මේසයට අරින්නට සූදානම් වූවා .


මතු සම්බන්ධයි.




No comments:

Post a Comment